අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Thursday, March 31, 2011

ලංකාවෙන් 3D කෙටි චිත්‍රපටයක්

ඔන්න ඔයගොල්ලන්ට කියන්න මට අලුත් ජිල්මාට් එකක් සෙට් උනා. මේ ජිල්මාට් එක කරලා තියෙන්නෙ පුබුදු, මුදිත කියන අයියා මලෝ. මේ දෙන්නට මේක කරන්න අවුරුදු එක හමාරක් විතර ගියාලු. මේ ත්‍රී.ඩී බයිස්කෝප් එක විනාඩි 07යි තප්පර 14ක් විකාශනය වෙනවා.

මේක ජාත්‍යන්තර තරගයකටත් ඉදිරිපත් කරලා. මේ තරගයට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල් විශාල ප්‍රමාණයකින් තරගකරුවන් 150 විතර ඉදිරිපත් වෙලා. මේ තරගයේදි මේගොල්ලන්ට හොදම හය දෙනා අතරටත් එන්න පුලුවන් වෙලා. මේ අපේ රට ලබපු මැක්සා ජයග්‍රහනයක්.  එහෙනම් ඔන්න පුබුදු, මුදිත සහෝලා දෙන්නට දිගටම මේ වගේ ජිල්මාට් වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා අපි සුභ පතනවා.ඔන්න එහෙනම් ‍ෆිල්ම් එක බලන්න.


Saturday, March 26, 2011

කව්ද යකෝ ඒ උම්බෑ ගාන්නෙ?


මෙන්න මේ ජිල්මාට් එක උනේ අපේ ආදරණීය බොකයට. හැම ටර්ම් එකක්ම ඉවර උනාම අපිට බෝඩර්ස් නයිට් එකක් තියෙනවා. ඕකෙදි අපේ කොල්ලො පොඩි පිස්සුවක් දෙකක් නටලා ආතල් එකක් ගන්නවා.


ඔය ජිල්මාට් එක වෙනකොට අපි හිටියෙ නවය වසරෙ. එතකොට අපි තමයි අපේ ඩෝම් එකේ සීනියර්ස්ලා. ඉතින් අපේ උන් බරටම වැඩ . කට්ටියක් සිංදු ප්‍රැක්ටිස්, කට්ටියක් ඩ්‍රාමා ප්‍රැක්ටිස් වගේ එක එක ජිල්මාට් වැඩ. ඩෝම් එකේ ස(ර්)රුත් සද්දෙ දාන්නෙ නෑ ටර්ම් ටෙස්ට් එහෙම ඉවර හින්දා. 


ඔය අතරෙ අපේ බොකයට එක පාරම දොලදුකක් හැදුනා. ඒ තමයි බෝඩර්ස් නයිට් එකේ සින්දුවක් කියන්න ඕනි කියලා. අපිත් ඉතින් කමෝන් බොකයා කියලා වැඩේ පටන් ගත්තා. දැන් බොකයා සිංදුව ප්‍රැක්ටිස් වෙන්නෙ යන්නෙ. අපේ සෙට්එකම මූ වටේ වට උනා. කට ඇරගෙන බලාගෙන ඉන්නවා ෂාරුක් ඛාන් සිංදු කියනව බලන්න ආව වගේ. බොකයත් අපේ සෙට් එක කොර වෙලා යන්න එකොන් වගේ හිටගත්තා. සිංදුව පටන් ගත්තා


අම්මා......................


අම්මටසිරි ටකරමට හෙණ ගැහුවා වගේ. දැන් ඉතින් මුට නවත්තන්න කියන්න ඈ. බැදගත්ත බෙරේ ගහන්න එපැයි.


කව්ද යකෝ ඒ උම්බෑ ගාන්නෙ?


මාර ජිල්මාට් එක බැලින්නන් අපේ ඩෝම් එකේ සර් කෑගහන්නෙ. සර්ටත් මේක අහන් ඉන්න බැරි තරම්.


බොකයට වැඩේ තේරුණා. මූ ශේප් එකේ කට වහ ගත්තා. අන්තිමෙට බොකයා උගේ ගායන හැකියාව තේරුම් අරගෙන  බෝඩර්ස් නයිට් එකේ සිංදුවක් කියන ආසාව නැති කර ගත්තා.

Friday, March 25, 2011

හුටා... කෝ කලිසම


මේ ජිල්මාට් එකත් සිද්ද උනේ අපේ ටීටීයට. මතකනේ ඌ පියෑබුවා.
කියවපු නැති කට්ටිය මෙතනින් ගිහිල්ල ඉක්මනට කියවලා එන්න.


ඔන්න එහෙනම් මේකයි විච්ච ජිල්මාට් එක. අපේ ඩෝම් එක තට්‍ටු දෙකයි. උඩ තට්‍ටුවේ තමයි අපි ඉන්නෙ. අපේ හැම වැසිකිළියකම එළියට නිරාවරණය විච්ච කව්ලුවක් තියෙනවා. දවසක් ටීටීයා බොකකට ගියා. මේකා බොකට ගියාම කලිසම ගලවල ඔය කව්ලුවේ එල්ලෙන්න දානවා. ඊට පස්සෙ ෂෆාන් එකේ මුගේ වැඩේ කරගෙන එනවා. මූ එදත් ඔය වැඩේම කලා. 


දැන් ඉතින් මූ මුගේ වැඩේ කරගෙන ඉවර වෙලා කලිසම ඇදගන්න යනකොට කිරිඅප්පට බල්ලො බුරපි කලිසම කව්ලුවේ නෑ. මේ මොන ජිල්මාට් එකක්ද උනේ. දැන් ඉතින් කලිසම නැතුව එළියට යන්න ඈ. මූ නිකමට වගේ කව්ලුවෙන් එළිය බැලුවා. මොකද මේ ටිකට කලිසම වාෂ්ප වෙන්න ඈ. මලහත් ඉලව්වයි මෙන්න බොලේ කලිසම බිම තියෙනවා. 


දැන් මොකද කරන්නෙ. අපේ එකෙක්ට කිව්වොත් කලිසම ගෙනල්ල දීපන් කියල ඌ කලිසම ගේන එක පැත්තකින් තියල අනිත් උන්ටත් මේක කියලා දොර ගලවන්න හදනව. එහෙම උනොත් අලි මදිවට කොටි. කව්ලුව එහා පැත්තෙන් තමයි වැහිපීලි බටේ යන්නෙ. දැන් ටීටීයා තමන් හිසට තම අතමය හෙවණැල්ල කියල කලිසමත් නැතුව බටේ දිගේ පහළට බහින්න පටන් ගත්තා. 


පල්ලැහැ ඩෝම් එක භාරව ඉන්නෙ මිස් කෙනෙක්. ඔය බටේ යන්නෙත් ඔය මිස්ගෙ රූම් එක ගාවින්. අපේ ටීටීයගෙ කරුමෙටවත් මිස් කලිසම නැතුව යන ටාසන් දැක්කනම් මිස්ට ජබර කලන්තෙ හැදෙනවා. කොහොමහරි අපේ ටීටීයා තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගෙ පිහිටෙන් කලිසම නැතුව උඩ තට්‍ටුවේ ඉදන් පහළට වැහි පීලි බටේ දිගේ ගිහිල්ලා කලිසම ඇදගෙන උඩට අවා. 


ඊළග පොස්ට් එකෙන් කියන්නම් අපේ බොකයා උම්බෑ ගාපු හැටි.

මෙන්න බොලේ ටීටීයා පියාබනවා


මේ ජිල්මාට් එක උනේ අපි නවය වසරෙදි. එතකොට අපි හිටියෙ ස්කෝලෙ බෝඩිමේ. ඔය දවස් වල අපි ෆුල් ආතල් එකේ හිටියේ. ඒ දවස් වල 5.15 ඉදන් 6.15 වෙනකම් සෙල්ලම් කරල ඉවරවෙලා මුණ එහෙම හෝදගෙන ටී එකක් එහෙම ගහල නිදාගන්න යන්න ලෑස්ති වෙන්න ඕනි.(යන්නෙ පාඩම් කරන්න ඒ උනාට අපේ උන් කරන්නෙ නිදාගන්න එක).


අපිට ඔය වැඩේට පැයක් ඕනි නෑ. විනාඩි 30 හොදටම ඇති. ඉතිරි වෙලවෙ අපේ කොල්ලො කරන්නෙ චැටක් දාන එක හරි පොඩි ජිල්මාට් සෙල්ලමක් කරන එක හරි. ඔය ජිල්මාට් එක විච්චදවසෙ අපි කලේ ජිල්මාට් සෙල්ලමක් දාපු එක. ඒක ඉතින් සෙල්ලමක්ම කියන්න බෑ අපි කලේ අපේ සෙට් එකේ අහුවෙන අහුවෙන එකාව පෙරලගෙන ගහන එක. ඒකෙ මැක්සා ආතල් එකක් තියෙනව. 


අපේ සෙට් එකේ ජොල් ඇගවල් තියෙන උන්ට හිටියෙ ඌරයි ෂෙට්ටියයි. අපි කරන්නෙ මුන් දෙන්නව ඇදට දාගෙන ඔක්කමල ගහන එක. නැත්ත්නම් අපි එක එකා තනියෙම මුන්ව පෙරලන්න ගියොත් අපිට ඉතින් සදාසොත්ති. අපේ සෙට් එකේ ආතල් බුවෙක් හිටියා ටීටී කොටා කියල. මූ මැක්සා බුවා. මුට ටීටී කියන්නෙ මුට හොදට ටේබල් ටෙනිස් ගහන්න පුලුවන් ඒකයි. (ටීටීයා ඉන්ටනැෂනල් ප්ලේය කෙනෙක්)


හරි හරි තව පොඩ්ඩෙන් කතාව අමතක වෙනව. ඉතින් කිව්ව වගේ අපි කොල්ලො ඔක්කොම අපේ ෂෙට්ටියව ඇදට දාගෙන උඩ පැන පැන කෙලියා. දැන් ඉතින් මුට පාන් කියාගන්න පණ නෑ. අපේ ඊළග ටාගට් එක උනේ ඌරා. අපි ඔක්කමල දැන් ඌරව බිම දාන මිෂන් එක දෙන්න ඌරව වට කලා.ඒ වෙලාවෙ එක පාරටම අම්මෝ....  ගාලා මොකෙක්ද එකෙක් බෙරිහන් දුන්නා. බලද්දි මෙන්න බොලේ ටීටීයා පියාබනවා. හැබැයි වැඩි වෙලා උඩ හිටියේ නෑ සිමින්ති පොලව උඩ ගෙම්බා පොලවෙ ගැහුව වගේ බිම වැ‍ටුනා. අපි හිතුවෙ මූ ඉවරයි කියල. බලද්දි එච්චර අව්ලක් නෑ පොඩ්ඩක් මුගෙ අලයිමන්ට්ස් අප්සට් ගිහිල්ල අත පය හොලවන්න බෑ. අපි ඉතින් මුගෙන් ඇහුව කොහොමද බන් එක පාරම පියෑබුවේ කියලා. බලද්දි මේකයි සීන් එක.


අපි ඌරට ගහන්න යනකොට ෂෙට්ටියා ඇදේ දිගා වෙලා පණ අදිනවා. ටීටීයට ඔය දවස් වල ෂෙට්ටියත් එක්ක පොඩි ගේමක් තිබ්බ. ඉතින් මේ වගේ චාන්ස් එකක් ආය එනව ඈ. ටීටීය හිටපන් තොට දෙන්නම් ගේම කියල. ෂෙට්ටිය ඉන්න ඇදට ඉස්සරහයින් තියෙන ඇදට ගිහිල්ල දුවගෙන ඇවිත් මුගෙ ඇගට පන්න.(සැ.යු - ෂෙට්ටියගේ එක අතකටවත් ටීටීයා මදිය) ටීටීයගෙ කරුමෙක මහත මේ වෙලවෙම ෂෙට්ටියා කකුල් කෙලින් කරල. මේක ෂෙට්ටියගෙ කකුල් උඩ වැටිලා පවර් එක ඩබල් පවර් වෙලා  ආපු පැත්තටම උඩින් ගියා. ඕකයි මූ රොකට් එක වගේ උඩ ගිහිල්ල තියෙන්නෙ. ඔය කොහොම හරි උනේ ටීටීයගෙ  තරහ වැඩි උන එක.(එහෙම නොවුනොත් තමා පුදුමෙ.)

Thursday, March 24, 2011

රස්නෙයි බං

මේ ජිල්මාට් එක උනේ මම දහය වසරේ ඉද්දි. කොතනින්ද කතාව පටන් ගන්නෙ කියල මම මේ හිතන්නෙ. අපි කතාවෙ ප්‍රධාන චරිතයෙන්ම කතාව පටන් ගමුකො.

මිනිහා තමයි බොකයා. මුට ඇයි බොකයා කියන්නෙ කියලා පස්සෙ දවසක කියන්නම්කො. මෙතන ඒක කියන්න ගියොත් කතාව දික් ගැස්සෙනවා. අනිත් චරිතෙ තමයි අපේ දහය වසරෙ විද්‍යාව මිස්. මිස්ගෙ නම ඕනි නෑනෙ. මිස් අපේ ඉස්කෝලේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම ඇවුරුදු ගානක් තිස්සෙ ඉස්කෝලෙ සේවය කරනව. මිස්ට පොඩ්ඩ ඇත්නම් තරහ යනව. ඒ වගේම ළමයෙක් කුණුහයපයක් එහෙම කියනව ඇහුනොත් ඌ ඉවරයි. මිස් අඩුම තරමෙ මිස්ට ඇහෙන්න ඌ, මූ, මචං කියනවටවත් කැමති නෑ. හැබැයි කතාවට අල්ල ගත්තහම එළකිරි. ඉන්න දැන් කතාවෙ මෙයින් කැ‍රැක්ටර් දෙක ගැන ඔයාලට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්න. එහෙනම් දැන් කතාවට බහිමු.

අදා ටිකක් නෙවේ ගොඩක් රස්නෙ දවසක්. ඔක්කටම වඩා අපේ දහය වසරේ පන්තියේ වහල ටකරන්. හිතාගන්න පුලුවන්නෙ කොහොම රත් වෙනවද කියල. අපේ කොල්ලො ටික පායන දවසට ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්නෙ තැම්බිච්ච කුකුළො වගේ. ඔය මම කියන්න යන ජිල්මාට් එක විච්ච දවසෙ අපිට විද්‍යාව පීරියඩ් එක තිබ්බෙ අට වෙනි පීරියඩ් එකට. ඒ කියන්නෙ අන්තිම පීරියඩ් එක විදිහට. බොකයා ඉන්නෙ මගේ එහා පැත්තෙ. බොකයා මට කිව්ව රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදගෙන එමු කියල. මම කිව්ව බෑ වෙන කෙනෙක් එක්ක පලයන් කියල. මිනිහා ඊට පස්සෙ අපේ ෂානගෙන් ඇහුව. (ෂානයා තමයි අපේ ක්‍රිකටර් ඌ ගැන ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්නම්.) ෂානයා වැඩේට කැමති උනා. මූ ෂානයගෙනුත් ඇහුවෙ අර ටිකම තමා "රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදගෙන එමු කියල" දැන් බොකයට යන්න එකෙකුත් සෙට් උනා. දැන් තියෙන්නෙ එළියට යන්න අපේ සයන්ස් මිස්ගෙන් පර්මිෂන් ගන්න. මේ යකා මිස් ගාවට ගිහිල්ලත් කරුමෙට අර ටිකම කිව්ව "රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදන් එනන්නද?"

මිනිහට ඔය උදාන වාක්‍ය කියල තප්පරයක් ඉන්න හම්බ උනේ නෑ  මූණ ගුරු මේසෙ පතිත උනා. ඩොග් ඩොග් ගාලා දෙකක් වැදුනා පොල් කඩනව වගේ.(මට අමතක උනා කියන්න මිස් ගොඩක් මහතයි) මිනිහ ගුටි කාල  කෙලින් උනායින් පස්සෙ අපිට හොදට තේරුණ මිස්ගෙ ස්පර්ෂය කොච්චර සනීපද කියල. 

අදට ඔය ඇති. තව අපේ සෙට් එකේ ජිල්මාට් වැඩ ගොඩක් තියෙනව.  අපේ බෝඩිං ජීවිතේ ඉතින් ෆුල් ජිල්මාට්ම තමයි. ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්නම්.

Wednesday, March 23, 2011

කාන්තාව නම් මූලද්‍රව්‍ය හදුනාගන්න

බීපන්, බීල කාපන්



ඔන්න බුදු ‍ෆිට් යාලුවෝ පස්දෙනෙක් හිටියලු. මේ යාලුවෝ ඔක්කම ඉන්නෙ එක බෝඩිමක. ඉතින් ඔය යාලුවෝ පස් දෙනා දවසක් සෙට් වෙලා සල්ලි දාල ෆ්‍රැන්ක්ලින් බෝතලයක් ගත්තලු. දැන් ඉතින් කට්ටිය ‍රැ 9.00 විතර වට වෙලා බෝතලේ ගහන්න ගත්තලු. විනාඩි පහයි ගියේ. බෝතලේ ඉවරයි. දැන් ඉතින් කට්ටියට පොඩ්ඩක් විතර ඔලුව කැරකෙනව. ඔය යාලුවෝ පස් දෙනාගෙන් එකෙක් කිව්ව මචං වැදිල මදි නේද කියල. අනිත් උනුත් ඉතින් "මටනම් මචං හොදටම වඩියි" කියන්න බෑනෙ චාටර්නෙ ඒක නිසා අඩේ ඔව් බං ගැහුවද කියල ගානක්වත් නෑ කිව්ව්වලු. තව එකෙක් කිව්වලු එහෙනම් මචං අපි තව බොතලයක් ගේමු කියල. ඔන්න ඉතිං දැන් තව බෝතලයක් ගේන්න යන්න සෙට් උනා.
සෙට් එක ටවුන් එකට යනකොට ‍රැ 10.00 විතර වෙලා. ඒ වෙලාවට ඉතිං කොහෙන් කියල බෝතල් ගන්නද? බෝතල් මවන්න තමයි වෙන්නෙ. කොහොමහරි ඉතින් සෙට් එක වහපු බාර් එකකට තට්‍ටු කරල කරල බලෙන් ඇරෙගෙන තව රම් බෝතලයක් ගත්තලු. කට්ටියම මෙක දැන් ටවුන් එකේ ඉදගෙන හි‍ටු කියල ගහනව. ගහල ඉවරවෙනකොට කට්ටියට නට්පුක් වෙන්න වැදිල. හිටගන්න වත් පණ නෑ. පණ නෑ කියල බෝඩිමට නොයා ඉන්න ඈ. දෙන් කට්ටියම බඩ ගගා බෝඩිමට යනව. කට්ටියට වදුනයින් පස්සෙ මැක්සා ආතල්. හැම වෙලෙම කෑගහන උන් බබා වගේ. බබා වගේ ඉන්න උන් පාරෙ මැද බෙරිහන් දෙනව.


හරි හරි දැන් කොහොම හරි බෝඩිමට යන්න තියෙන්නෙ ත්‍රී වීල් පාක් එක මැදින්. වෙලාව ‍රැ 11.00ට විතර අති පස් දෙනා බඩ ගගා යනකොට. හොදම හරිය දැන් කට්ටිය ත්‍රීවීල් පාක් එක මැදින් යනකොට පොඩ්ඩක් ෆෝම් වෙලා හූ කියන්න පටන් ගත්ත. ඔතන තමයි හෙනහුරා ගැහුවෙ. එතනම ත්‍රීවෙල් පාක් එකේ සෙට් එකත් ස්ටෙලා වෙලා. මුං කෑ ගහලා අහුව "කවුද යකො කෑ ගහන්නෙ කියල". දන්නෙ නැද්ද ෂොට් එක ගහපුවම කට්ටිය කාඩ්බෝඩ් වීරයෝ වෙනවනේ. යලුවොන්ගෙන් එකෙකුත් පඩිය වගේ " ඇයි යකෝ අපි කෑ ගහන්නෙ" කිව්ව. ඔන්න ඉතින් දැන් අරුන්ට තද වෙලා  මුංට ගහන්න එනව. මුං පස්දෙනාට දුවන්න පණ නෑ. පහෙන් හතරක් කොහොමහරි කකුල් දෙකට ෆුල් ඩැම දීල පණ එපා කියල වැටි වැටි දිව්ව. කෑ ගහපු එකාට එහෙමවත් පණ නෑ ඌ දුවන්න ගිහිල්ල එතනම බිම. 


වැටිච්ච එකාට බබා අතේ. දැන් මුට සීස(ර්) සැත්කම කරන්න එකෙම් මූව බිම දිගේ ඇදගෙන යනව. අරුත් ඉතින් මුට වැද වැද අඩනව ගහන්න එපා කියල. ඒව කොහෙද කියල අරූ මුට දැන් දෙක තුනක් දුන්න. වෙලාවට අර දුවපු උන්ගෙන් දෙන්නෙක් දුවගෙන ආව. මුං කිව්ව "අනේ අනේ සොරි මුට ගහන්න එපා කියල"  දන්නෙ නැද්ද ඉතින් අරුන් සද්දෙ පෙන්නන්න අර අපුදෙන්නටත් නොමිලෙම කනට එක එක දුන්න. දෙන් ඉතින් කට්ටියම බුදු අයියේ අපිට සමා වෙන්න කියල ලේ පෙරාගෙන බෝඩිමට යනව.  


ඔන්න ඉතින් අනිත් පහුවෙනිද කට්ටිය අහැරුනා. ඉස්සෙල්ලාම සද්දෙ දාපු එකා ඇහැරුනා උදේ 5.00ට විතර.  උට ඊයෙ මොනාද උනේ කියලවත් මතක නෑ. ඇග නිකන් තලලදාල වගේ. මුගෙ රූම් එකේ නිදන අනිත් එකා ඇදේ නෑ. ඌ කොහෙද බලන්න මූ අනිත් රූම් එකට හියා මුන් ඒකෙ ඉන්නව. මූ අනිත් සෙට් එකත් අහැරෙව්වා. එකෙක් කිව්ව අරූට "මචං ඔලුව සෝද ගනින් ඔලුවේ කබරයා කියල". මූ ඔලුව අල්ලල බැලුව. අම්මටසිරි ඔව් තමයි මුලු ඔලුවෙම කබරය. ඇදත් ඉවරයි. දැන් ඉතින් ඔක්කම නාල කරල  ඉවර වෙලා කට්ටියගෙ ඩැමේජ් එක බලන්න සෙට් උනා. අම්මටසිරි බිම ඇදන් ගියපු එකගෙ පිට ඉවරයි. උට පිටක් පන්චි ගහවත්තෙන් අලුතෙන්ම ගේන්න වෙනව. කනට ගහපු දෙන්නගෙන් එකෙක්ගෙ පණ වගෙ බලාගත්ත කුරුලෑව කැඩිල එතන ඇගිලි පහක් තියෙනව. අනිත් එකා කියනව මචං මට කට ඇරගන්න බෑලු. දැන් මේ වීර ක්‍රියාව ගැන කට්ටිය කතා වෙවී ඉද්දි එකෙක් නිකං හෙන ගහුව වගෙ කිව්ව මචං "අද පේරන්ට්ස් මීටින් නේද" කියල. මුංගෙ නිකන් හුස්ම හිරවුනා වගේ.


දැන් අත රිදෙනව ටයිප් කරල ඉතිරිය ලගදිම කියන්නම්.

Tuesday, March 22, 2011

හිටපු ජනාධිපති නෙප්චූන් යයි.

ටිකක් හිනාවෙන්න.

මෙන්න මෙයා දත් ගලවනව.


මගෙ දෙයියා.



මෙහෙමත් අච්චිලා.


ජය වේවා.

බූට් සේල්

විභාගෙට ලෑස්ති වෙන්න.

මට හිතුන ඔය වල් පල් ඔයාලට කිකියා ඉන්න එකේ ඉගෙනගන්න පොඩි සප් එකක් දෙන්න. ඔන්න එහෙනම් හොදට මේව පඩම් කර ගන්න.








ඔබ පිරිමියෙක් නම්

  1. තමන් පිලිබදව ආත්ම විශ්වාසය ඇති කරගන්න
  2. තමන් ගේ දුර්වලතා හදුනාගන්න
  3. කවදාවත් කාන්තාවට ලෙල්ලටම මල පැන්නත් කුනුහරුපෙන් බනින්න එපා
  4. කාන්තාවකට ප්‍රහාර එල්ල කරන්න එපා (ගහන්න යන වචනය මෙතනට නොගලපේ )
  5. කාන්තා හින්සනයට විරුද්ධ වන්න
  6. සෑම විටම අහුන්කන් දෙන්න පුරුදු වන්න
  7. උතුම් මිනිසුන් ගෙන් උතුම් ගතිගුන කොපි කරගන්න
  8. තමන් ගේ දේට මුල් තැන දෙන්න (රට ජාතිය ආගම පාසල පවුල )
  9. අන් ජාතීන් ආගම් විවේචන නොකරන්න
  10. පිලිවෙලකට ඇදුම් අදින්න
  11. මත් පැන් පිලිබදව තමන් තීරනය කරන්න!!  පිරිමියෙක් නේ!! වෙන එවුන් ගේ උවමනාවට බීම නවත්තන්නවත් බීමට පුරුදු වන්නවත් එපා (කවුහරි බොන්න එපා කිව්වෝත් එගැන පොඩ්ඩක් සිතන්න
  12. තමාගේ සමාජ වගකීම තෙරුම් ගන්න
  13. සදාචාරය පිලිබද උපාධියක් ලබා ගන්න
  14. ජීවිතය විදින්න
  15. සැමවිටම තත්වික ලෙස සිතන්න
  16. කාන්තාවන් ට කරුණාව දක් වන්න 
  17. මම තරම් පොරක් තවත් නෑ යැයි සිතන්න (එහෙම කියලා නපුංසක වැඩ එහෙම කරන්න එපා )
  18. වැඩිහිටියන්ට ගරු කරන්න 
  19. මව පියා කිසිදිනක අමතක නොකරන්න
  20. සමාව දීමට පුරුදුවන්න (හැදෙන්නෙ නැති එකෙක් ට දෙන්න එපා )
  21. භාෂා දෙක තුනක් ඉගෙනගන්න
  22. තමාගේ රැකියා ස්ථානයට ආදරය කරන්න
  23. කරන දේ සතුටින් කරන්න (නැත්තන් කරන්න එපා )
  24. බස් එකේ එහෙම ගමන් කරන විට පොඩ්ඩක් අන් අය ගැන සිතන්න
  25. කෙල්ලෙක් හන්දා තමන් ගේ යාලුවන් අමතක නොකරන්න
  26. ආත්මාර්ථකාමී නොවන්න (මිනිහෙක් ට කෙලෙම වෙලා තියන කොට පොඩ්ඩක් උදව් කරන්න )
  27.   
  28.   
  29.   
  30.  
ඔන්න මම 4 ඉතුරු කරා කාන්තාවන් ට ඔවුන් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන දේ ලියන්න!!!
සහෝදරයිනී ලිස්ට් එක සම්පූර්ණ කරන්න



Sunday, March 20, 2011

ගන්න අපේ දේ

ඔන්න අදත් මම පොඩි ජිල්මාට් එකක් ඔයගොල්ලන්ට උස්සගෙන ආව. මේකත් ඇවිල්ල ගූගල් ඇඩ්සෙන්ස් වගේ තමයි. සයිට් වලට ඇඩ් දෙන එක තමයි කරන්නෙ. හැබැයි මේකෙ පොඩි වෙනසක් තියෙනව. ඒක තමයි මේක ඇවිල්ල ලංකාවෙ සයිට් එකක්.මෙයා තමයි ගීගෙයින්. ගන්න අපේ දේ කියනවනෙ ඒක නිසා ඔන්න මමත් බ්ලොග් එකට ගීගෙයින් දැම්මා.දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න.ඔන්න එහෙනම් ඕන කට්ටිය මෙතනින් රෙජිස්ට වෙන්න. 



(රෙජිස්ට වෙන්න පහළ බැනර් එක ක්ලික් කරන්න)

Geegain Advertising Program

Wednesday, March 16, 2011

බලන්න බලන්න කල්ල මරේ

ඔන්න අද මම ඔයාලට ජංජාලෙන් අමතර ආදායමක් හොයා ගන්න හොද වැඩ්ඩෙක් අල්ලගෙනයි ආවෙ. මේ ගැජට් එකත් හරියට සිඩ්ඩු වගේ තමයි. ඒත් එයාට වඩා තුන්ගුණයක් විතර හොදයි කිව්වොත් මම වැරදි නෑ මම හිතන්නෙ. මෙයා තමයි වීඩිඕබීබී. එළකිරි කොල්ල. 

මේකෙනම් කට්ටිය ඩවුන්ලෝඩ්  කරන ගානට නෙවෙයි සල්ලි හම්බවෙන්න වීඩිඕ එක බලන ගානට. 10000 වීඩිඕ එක බලුවොත් $30. ඒ කියන්නෙ එක්කෙනෙක් වීඩිඕ එක බලනවට $0.03 ලැබෙනව. ඒකනෙ මං කලින් කිව්වෙ මේක සිඩ්ඩු වලට වඩා තුන්ගුණයක් හොදයි කියල.කැමතිනම් මට උදව්වක් විදිහට මේ වීඩිඕ එක බලන්න.
ඔන්න එහෙනම් රෙජිස්ට වෙලා වැඩේ පටන් ගන්නකෝ

videobb

Tuesday, March 15, 2011

උබේ කටෙත් පස් මගේ කටෙත් පස්



ඔන්න දැන් නිඕබක්ස් එකෙන් ඇඩ් එකකට දෙන ගාණ අඩු කරල. ඉස්සර ස්ටෑන්ඩඩ් මෙම්බ කෙනෙක්ට එක ඇඩ් එකකට $0.01 දුන්න. ඒත් දැන් දෙන්නෙ $0.001 විතරයි. හැබැයි ගෝල්ඩන් මෙම්බර්ලගෙ නම් ගාණ වැඩි කරලලු. දැන් ඒ ගොල්ලන්ට රෙෆරල් කෙනෙක්ගෙන් විතරක් එක ඇඩ් එකකට $0.01 ලැබෙනවලු.දැන් ඉතිං අපිට හුලං තමයි.


මතකනෙ මං කිව්ව ගිය සතියෙ ඉදන් ඔන්බක්ස් සල්ලි ගෙවන එකත් නවත්තල කියල.ඔන්න ඕකට තමයි දෙයියො දෙනකොට ටොකු ඇන ඇන දෙනව කියන්නෙ.ඇත්තම කිව්වොත් මං නම් දැන් නැත්තටම ඉවරයි. මාසෙට හොද ගාණක් හොයා ගත්තෙ ඔන්න ඔය ඇඩ් බලල තමයි. දැන් ඉතින් කරනවනම් කරන්න තියෙන්නෙ ඔන්බක්ස්වල ගෝල්ඩන් මෙම්බෂිප් එකක් ගන්න එක හරි නැත්නම් වෙන හොද පී.ටී.සී සයිට් එකක් හොයා ගන්න එක තමයි. මටනම් දැන් ගෝල්ඩන් මෙම්මෂිප් ගන්න සල්ලි නෑ මම වීසීබක්ස් වලට මූට්‍ටු වෙනව. අද ඉතිං මට කට්ටියට ජය වේවා කියන්න තරම් සතුටක් හිතේ නෑ. ඔන්න එහෙනම් කට්ටියට බුදු සරණයි.



දැන් ඉතිං කැමතිනම් මෙන්න මේ සයිට් වල රෙජිස්ට වෙන්න.



රෙජිස්ට වෙන්න පහළ බැනර්  ක්ලික් කරන්න

vcBux


LeafBux


LotBux


NRBUX

Saturday, March 12, 2011

ඔබේ වෙබ් අඩවියෙන් මුදල් ඉපයීමට දැන්වීම් ලබා ගත හැකි ආයතන

මේ මතෘකාව දක්ක ගමන් හැමෝටම ටක් ගාල මතක් වෙන්නෙ Google Adsence. මටනම් ඔය නම මතක් වෙද්දිත් අගේ මාලු නටනව. මම කලින් කඩ්ඩ බ්ලොග් එකක් හදල තිබ්බ. ඕකට Google Adsense ගන්න මම නොකරපු දෙයක් නැ. ඕකට ට්‍රි කරල හොට බිම ඇනගත්තය්න් පස්සෙ Adbrite වලට හැරුන. ඔයගොල්ලො දන්නවනෙ ඔය Adbrite වල ඇඩ් පෙන්නන්නනම් හොද ට්‍රැ‍ෆික් එකක් තියෙන්න ඔනි කියල. ඔතන තමය් මට ආපහු කෙලවුනෙ. මොකද මට හොද ට්‍රැ‍ෆික් එකක් නැ. කොහොමත් පෙන්නන ඇඩුත් මහ අජූතය්. එව දක්කහම කොහොමත් ක්ලික් කරන්න හිතෙන්නෙ නැ.


අන්තිමෙට මට මට හරියන එකක් සෙට් උනා. ඒ තමය් Bidvertiser. එකෙනම් කියන්න තරම් අව්ලක් නැ. දෙය්යනෙ කියල හොදට ඇඩ් ටික පෙන්නනව. හැබැය් මම මේ බ්ලොග් එකටනම් දාලා තියෙන්නෙ Adbrite.  මම මෙහෙම කිව්ව කියල හමොම Bidvertiser වලට යන්න එපා. Bidvertiser වලට වඩා Google Adsense, Adbrite  මුදල් ගෙවනව. කෝටත් කියල උත්සහ කරල බලන්න.


මෙන්න සය්ට් ටික


Friday, March 11, 2011

AlertPay Account එකක් හදමු

මෙ අන්තර්ජාලයෙ සල්ලි හොයන වැඩෙ පටන් ගන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නය තමය් සල්ලි අපිට ලබෙන්නෙ කොහොමද කියන එක. ඉතින් අද මම කියන්න යන්නෙ ඔන්න ඕක ගැන. ලංකාවෙ අයට ඔය සල්ලි ගන්න තියෙන හොදම ක්‍රමය තමය් Alertpay.




ඔතනින් Register වෙන්න





ඔන්න ඔය Alertpay Account එක තමය් ඕකට විසදුම. Alertpay Accont එකක් හදල ඔය සල්ලි ඕකට දගත්තය්න් පස්සෙ අපිට චෙක් එකකින් හරි බැන්ක් අකවුන්ට් හරි සල්ලි දාගන්න පුලුවන්. ඕනිනම් ඔන්න හදන විදිය ගැන වීඩිඔ එකකුත් දැම්ම.





අන්තර්ජාලයෙන් මුදල් හොයමු

අන්තර්ජලයෙන් මුදල් හොයන එක දැන් ගොඩක් ප්‍රස්සිද්ද දෙයක්. මම අද කියන්න යන්නෙ අන්තර්ජලයෙන් මුදල් හොයන්න පුලුවන් පහසුම ක්‍රමයක් ගැන. ඒ තමය් අන්තර්ජලයෙ දන්වීම් බැලීමෙන් මුදල් ලබා ගනීම. මෙක ටිකක් එපා වෙනව තමය් ඒත් උනන්දු උනොත් හොද ගානක් හොයගන්න පුලුවන්.මෙසෙ මුදල් ලබා දීම සම්බන්දයෙන් ගොඩක් ප්‍රසිද්ද වෙබ් අඩවි දෙකක් තමය් onbux හා neobux


නමුත් දැන් onbux ගෙව්ම් කරන එක අඩු කරල. කොහොම උනත් මම ඔයලට මමත් මුදල් අරන් තියෙන සය්ට් ටිකක් කියන්නම්. රෙජිස්ට වෙලා මුදල් හොයන්න. මුලදි ටිකක් එප උනාට පස්සෙ ඕක හරියනව. මටත් එහෙමය් දැන් ඇඩ් ක්ලික් නොකර ඉන්න බැ. තව සල්ලි හොයන ක්‍රම හොගක් තියෙනව ඒව ඉස්සරහට කියන්නම්.


මෙ සය්ට් වලත් රෙජිස්ට වෙලා බලන්න




vcBux


NRBUX


LotBux


LeafBux