අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Wednesday, March 23, 2011

බීපන්, බීල කාපන්



ඔන්න බුදු ‍ෆිට් යාලුවෝ පස්දෙනෙක් හිටියලු. මේ යාලුවෝ ඔක්කම ඉන්නෙ එක බෝඩිමක. ඉතින් ඔය යාලුවෝ පස් දෙනා දවසක් සෙට් වෙලා සල්ලි දාල ෆ්‍රැන්ක්ලින් බෝතලයක් ගත්තලු. දැන් ඉතින් කට්ටිය ‍රැ 9.00 විතර වට වෙලා බෝතලේ ගහන්න ගත්තලු. විනාඩි පහයි ගියේ. බෝතලේ ඉවරයි. දැන් ඉතින් කට්ටියට පොඩ්ඩක් විතර ඔලුව කැරකෙනව. ඔය යාලුවෝ පස් දෙනාගෙන් එකෙක් කිව්ව මචං වැදිල මදි නේද කියල. අනිත් උනුත් ඉතින් "මටනම් මචං හොදටම වඩියි" කියන්න බෑනෙ චාටර්නෙ ඒක නිසා අඩේ ඔව් බං ගැහුවද කියල ගානක්වත් නෑ කිව්ව්වලු. තව එකෙක් කිව්වලු එහෙනම් මචං අපි තව බොතලයක් ගේමු කියල. ඔන්න ඉතිං දැන් තව බෝතලයක් ගේන්න යන්න සෙට් උනා.
සෙට් එක ටවුන් එකට යනකොට ‍රැ 10.00 විතර වෙලා. ඒ වෙලාවට ඉතිං කොහෙන් කියල බෝතල් ගන්නද? බෝතල් මවන්න තමයි වෙන්නෙ. කොහොමහරි ඉතින් සෙට් එක වහපු බාර් එකකට තට්‍ටු කරල කරල බලෙන් ඇරෙගෙන තව රම් බෝතලයක් ගත්තලු. කට්ටියම මෙක දැන් ටවුන් එකේ ඉදගෙන හි‍ටු කියල ගහනව. ගහල ඉවරවෙනකොට කට්ටියට නට්පුක් වෙන්න වැදිල. හිටගන්න වත් පණ නෑ. පණ නෑ කියල බෝඩිමට නොයා ඉන්න ඈ. දෙන් කට්ටියම බඩ ගගා බෝඩිමට යනව. කට්ටියට වදුනයින් පස්සෙ මැක්සා ආතල්. හැම වෙලෙම කෑගහන උන් බබා වගේ. බබා වගේ ඉන්න උන් පාරෙ මැද බෙරිහන් දෙනව.


හරි හරි දැන් කොහොම හරි බෝඩිමට යන්න තියෙන්නෙ ත්‍රී වීල් පාක් එක මැදින්. වෙලාව ‍රැ 11.00ට විතර අති පස් දෙනා බඩ ගගා යනකොට. හොදම හරිය දැන් කට්ටිය ත්‍රීවීල් පාක් එක මැදින් යනකොට පොඩ්ඩක් ෆෝම් වෙලා හූ කියන්න පටන් ගත්ත. ඔතන තමයි හෙනහුරා ගැහුවෙ. එතනම ත්‍රීවෙල් පාක් එකේ සෙට් එකත් ස්ටෙලා වෙලා. මුං කෑ ගහලා අහුව "කවුද යකො කෑ ගහන්නෙ කියල". දන්නෙ නැද්ද ෂොට් එක ගහපුවම කට්ටිය කාඩ්බෝඩ් වීරයෝ වෙනවනේ. යලුවොන්ගෙන් එකෙකුත් පඩිය වගේ " ඇයි යකෝ අපි කෑ ගහන්නෙ" කිව්ව. ඔන්න ඉතින් දැන් අරුන්ට තද වෙලා  මුංට ගහන්න එනව. මුං පස්දෙනාට දුවන්න පණ නෑ. පහෙන් හතරක් කොහොමහරි කකුල් දෙකට ෆුල් ඩැම දීල පණ එපා කියල වැටි වැටි දිව්ව. කෑ ගහපු එකාට එහෙමවත් පණ නෑ ඌ දුවන්න ගිහිල්ල එතනම බිම. 


වැටිච්ච එකාට බබා අතේ. දැන් මුට සීස(ර්) සැත්කම කරන්න එකෙම් මූව බිම දිගේ ඇදගෙන යනව. අරුත් ඉතින් මුට වැද වැද අඩනව ගහන්න එපා කියල. ඒව කොහෙද කියල අරූ මුට දැන් දෙක තුනක් දුන්න. වෙලාවට අර දුවපු උන්ගෙන් දෙන්නෙක් දුවගෙන ආව. මුං කිව්ව "අනේ අනේ සොරි මුට ගහන්න එපා කියල"  දන්නෙ නැද්ද ඉතින් අරුන් සද්දෙ පෙන්නන්න අර අපුදෙන්නටත් නොමිලෙම කනට එක එක දුන්න. දෙන් ඉතින් කට්ටියම බුදු අයියේ අපිට සමා වෙන්න කියල ලේ පෙරාගෙන බෝඩිමට යනව.  


ඔන්න ඉතින් අනිත් පහුවෙනිද කට්ටිය අහැරුනා. ඉස්සෙල්ලාම සද්දෙ දාපු එකා ඇහැරුනා උදේ 5.00ට විතර.  උට ඊයෙ මොනාද උනේ කියලවත් මතක නෑ. ඇග නිකන් තලලදාල වගේ. මුගෙ රූම් එකේ නිදන අනිත් එකා ඇදේ නෑ. ඌ කොහෙද බලන්න මූ අනිත් රූම් එකට හියා මුන් ඒකෙ ඉන්නව. මූ අනිත් සෙට් එකත් අහැරෙව්වා. එකෙක් කිව්ව අරූට "මචං ඔලුව සෝද ගනින් ඔලුවේ කබරයා කියල". මූ ඔලුව අල්ලල බැලුව. අම්මටසිරි ඔව් තමයි මුලු ඔලුවෙම කබරය. ඇදත් ඉවරයි. දැන් ඉතින් ඔක්කම නාල කරල  ඉවර වෙලා කට්ටියගෙ ඩැමේජ් එක බලන්න සෙට් උනා. අම්මටසිරි බිම ඇදන් ගියපු එකගෙ පිට ඉවරයි. උට පිටක් පන්චි ගහවත්තෙන් අලුතෙන්ම ගේන්න වෙනව. කනට ගහපු දෙන්නගෙන් එකෙක්ගෙ පණ වගෙ බලාගත්ත කුරුලෑව කැඩිල එතන ඇගිලි පහක් තියෙනව. අනිත් එකා කියනව මචං මට කට ඇරගන්න බෑලු. දැන් මේ වීර ක්‍රියාව ගැන කට්ටිය කතා වෙවී ඉද්දි එකෙක් නිකං හෙන ගහුව වගෙ කිව්ව මචං "අද පේරන්ට්ස් මීටින් නේද" කියල. මුංගෙ නිකන් හුස්ම හිරවුනා වගේ.


දැන් අත රිදෙනව ටයිප් කරල ඉතිරිය ලගදිම කියන්නම්.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t