අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Saturday, March 26, 2011

කව්ද යකෝ ඒ උම්බෑ ගාන්නෙ?


මෙන්න මේ ජිල්මාට් එක උනේ අපේ ආදරණීය බොකයට. හැම ටර්ම් එකක්ම ඉවර උනාම අපිට බෝඩර්ස් නයිට් එකක් තියෙනවා. ඕකෙදි අපේ කොල්ලො පොඩි පිස්සුවක් දෙකක් නටලා ආතල් එකක් ගන්නවා.


ඔය ජිල්මාට් එක වෙනකොට අපි හිටියෙ නවය වසරෙ. එතකොට අපි තමයි අපේ ඩෝම් එකේ සීනියර්ස්ලා. ඉතින් අපේ උන් බරටම වැඩ . කට්ටියක් සිංදු ප්‍රැක්ටිස්, කට්ටියක් ඩ්‍රාමා ප්‍රැක්ටිස් වගේ එක එක ජිල්මාට් වැඩ. ඩෝම් එකේ ස(ර්)රුත් සද්දෙ දාන්නෙ නෑ ටර්ම් ටෙස්ට් එහෙම ඉවර හින්දා. 


ඔය අතරෙ අපේ බොකයට එක පාරම දොලදුකක් හැදුනා. ඒ තමයි බෝඩර්ස් නයිට් එකේ සින්දුවක් කියන්න ඕනි කියලා. අපිත් ඉතින් කමෝන් බොකයා කියලා වැඩේ පටන් ගත්තා. දැන් බොකයා සිංදුව ප්‍රැක්ටිස් වෙන්නෙ යන්නෙ. අපේ සෙට්එකම මූ වටේ වට උනා. කට ඇරගෙන බලාගෙන ඉන්නවා ෂාරුක් ඛාන් සිංදු කියනව බලන්න ආව වගේ. බොකයත් අපේ සෙට් එක කොර වෙලා යන්න එකොන් වගේ හිටගත්තා. සිංදුව පටන් ගත්තා


අම්මා......................


අම්මටසිරි ටකරමට හෙණ ගැහුවා වගේ. දැන් ඉතින් මුට නවත්තන්න කියන්න ඈ. බැදගත්ත බෙරේ ගහන්න එපැයි.


කව්ද යකෝ ඒ උම්බෑ ගාන්නෙ?


මාර ජිල්මාට් එක බැලින්නන් අපේ ඩෝම් එකේ සර් කෑගහන්නෙ. සර්ටත් මේක අහන් ඉන්න බැරි තරම්.


බොකයට වැඩේ තේරුණා. මූ ශේප් එකේ කට වහ ගත්තා. අන්තිමෙට බොකයා උගේ ගායන හැකියාව තේරුම් අරගෙන  බෝඩර්ස් නයිට් එකේ සිංදුවක් කියන ආසාව නැති කර ගත්තා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t