අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Thursday, March 24, 2011

රස්නෙයි බං

මේ ජිල්මාට් එක උනේ මම දහය වසරේ ඉද්දි. කොතනින්ද කතාව පටන් ගන්නෙ කියල මම මේ හිතන්නෙ. අපි කතාවෙ ප්‍රධාන චරිතයෙන්ම කතාව පටන් ගමුකො.

මිනිහා තමයි බොකයා. මුට ඇයි බොකයා කියන්නෙ කියලා පස්සෙ දවසක කියන්නම්කො. මෙතන ඒක කියන්න ගියොත් කතාව දික් ගැස්සෙනවා. අනිත් චරිතෙ තමයි අපේ දහය වසරෙ විද්‍යාව මිස්. මිස්ගෙ නම ඕනි නෑනෙ. මිස් අපේ ඉස්කෝලේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම ඇවුරුදු ගානක් තිස්සෙ ඉස්කෝලෙ සේවය කරනව. මිස්ට පොඩ්ඩ ඇත්නම් තරහ යනව. ඒ වගේම ළමයෙක් කුණුහයපයක් එහෙම කියනව ඇහුනොත් ඌ ඉවරයි. මිස් අඩුම තරමෙ මිස්ට ඇහෙන්න ඌ, මූ, මචං කියනවටවත් කැමති නෑ. හැබැයි කතාවට අල්ල ගත්තහම එළකිරි. ඉන්න දැන් කතාවෙ මෙයින් කැ‍රැක්ටර් දෙක ගැන ඔයාලට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්න. එහෙනම් දැන් කතාවට බහිමු.

අදා ටිකක් නෙවේ ගොඩක් රස්නෙ දවසක්. ඔක්කටම වඩා අපේ දහය වසරේ පන්තියේ වහල ටකරන්. හිතාගන්න පුලුවන්නෙ කොහොම රත් වෙනවද කියල. අපේ කොල්ලො ටික පායන දවසට ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්නෙ තැම්බිච්ච කුකුළො වගේ. ඔය මම කියන්න යන ජිල්මාට් එක විච්ච දවසෙ අපිට විද්‍යාව පීරියඩ් එක තිබ්බෙ අට වෙනි පීරියඩ් එකට. ඒ කියන්නෙ අන්තිම පීරියඩ් එක විදිහට. බොකයා ඉන්නෙ මගේ එහා පැත්තෙ. බොකයා මට කිව්ව රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදගෙන එමු කියල. මම කිව්ව බෑ වෙන කෙනෙක් එක්ක පලයන් කියල. මිනිහා ඊට පස්සෙ අපේ ෂානගෙන් ඇහුව. (ෂානයා තමයි අපේ ක්‍රිකටර් ඌ ගැන ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්නම්.) ෂානයා වැඩේට කැමති උනා. මූ ෂානයගෙනුත් ඇහුවෙ අර ටිකම තමා "රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදගෙන එමු කියල" දැන් බොකයට යන්න එකෙකුත් සෙට් උනා. දැන් තියෙන්නෙ එළියට යන්න අපේ සයන්ස් මිස්ගෙන් පර්මිෂන් ගන්න. මේ යකා මිස් ගාවට ගිහිල්ලත් කරුමෙට අර ටිකම කිව්ව "රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදන් එනන්නද?"

මිනිහට ඔය උදාන වාක්‍ය කියල තප්පරයක් ඉන්න හම්බ උනේ නෑ  මූණ ගුරු මේසෙ පතිත උනා. ඩොග් ඩොග් ගාලා දෙකක් වැදුනා පොල් කඩනව වගේ.(මට අමතක උනා කියන්න මිස් ගොඩක් මහතයි) මිනිහ ගුටි කාල  කෙලින් උනායින් පස්සෙ අපිට හොදට තේරුණ මිස්ගෙ ස්පර්ෂය කොච්චර සනීපද කියල. 

අදට ඔය ඇති. තව අපේ සෙට් එකේ ජිල්මාට් වැඩ ගොඩක් තියෙනව.  අපේ බෝඩිං ජීවිතේ ඉතින් ෆුල් ජිල්මාට්ම තමයි. ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්නම්.

2 comments:

  1. තොපි කරගන්න වැඩ... ඉතුරු ටිකත් ලියමුකෝ එහෙනම්...

    ReplyDelete
  2. අනිව. ඉතිරි ජිල්මාට් වැඩත් ළගදිම කියනවා.

    ReplyDelete