අන්තර්ජාලයෙන් මුදල්

minute workers

Friday, March 25, 2011

හුටා... කෝ කලිසම


මේ ජිල්මාට් එකත් සිද්ද උනේ අපේ ටීටීයට. මතකනේ ඌ පියෑබුවා.
කියවපු නැති කට්ටිය මෙතනින් ගිහිල්ල ඉක්මනට කියවලා එන්න.


ඔන්න එහෙනම් මේකයි විච්ච ජිල්මාට් එක. අපේ ඩෝම් එක තට්‍ටු දෙකයි. උඩ තට්‍ටුවේ තමයි අපි ඉන්නෙ. අපේ හැම වැසිකිළියකම එළියට නිරාවරණය විච්ච කව්ලුවක් තියෙනවා. දවසක් ටීටීයා බොකකට ගියා. මේකා බොකට ගියාම කලිසම ගලවල ඔය කව්ලුවේ එල්ලෙන්න දානවා. ඊට පස්සෙ ෂෆාන් එකේ මුගේ වැඩේ කරගෙන එනවා. මූ එදත් ඔය වැඩේම කලා. 


දැන් ඉතින් මූ මුගේ වැඩේ කරගෙන ඉවර වෙලා කලිසම ඇදගන්න යනකොට කිරිඅප්පට බල්ලො බුරපි කලිසම කව්ලුවේ නෑ. මේ මොන ජිල්මාට් එකක්ද උනේ. දැන් ඉතින් කලිසම නැතුව එළියට යන්න ඈ. මූ නිකමට වගේ කව්ලුවෙන් එළිය බැලුවා. මොකද මේ ටිකට කලිසම වාෂ්ප වෙන්න ඈ. මලහත් ඉලව්වයි මෙන්න බොලේ කලිසම බිම තියෙනවා. 


දැන් මොකද කරන්නෙ. අපේ එකෙක්ට කිව්වොත් කලිසම ගෙනල්ල දීපන් කියල ඌ කලිසම ගේන එක පැත්තකින් තියල අනිත් උන්ටත් මේක කියලා දොර ගලවන්න හදනව. එහෙම උනොත් අලි මදිවට කොටි. කව්ලුව එහා පැත්තෙන් තමයි වැහිපීලි බටේ යන්නෙ. දැන් ටීටීයා තමන් හිසට තම අතමය හෙවණැල්ල කියල කලිසමත් නැතුව බටේ දිගේ පහළට බහින්න පටන් ගත්තා. 


පල්ලැහැ ඩෝම් එක භාරව ඉන්නෙ මිස් කෙනෙක්. ඔය බටේ යන්නෙත් ඔය මිස්ගෙ රූම් එක ගාවින්. අපේ ටීටීයගෙ කරුමෙටවත් මිස් කලිසම නැතුව යන ටාසන් දැක්කනම් මිස්ට ජබර කලන්තෙ හැදෙනවා. කොහොමහරි අපේ ටීටීයා තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගෙ පිහිටෙන් කලිසම නැතුව උඩ තට්‍ටුවේ ඉදන් පහළට වැහි පීලි බටේ දිගේ ගිහිල්ලා කලිසම ඇදගෙන උඩට අවා. 


ඊළග පොස්ට් එකෙන් කියන්නම් අපේ බොකයා උම්බෑ ගාපු හැටි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t