Tuesday, March 6, 2012
Monday, January 2, 2012
Thursday, December 29, 2011
Wednesday, December 28, 2011
Sunday, December 25, 2011
Wednesday, October 26, 2011
Tuesday, April 5, 2011
ONBUX සල්ලි ගෙවනෝ..........
මාර ජිල්මාට් එක මට අද ඔන්බක්ස් එකෙන් සල්ලි ගෙව්වා. මේ දවස් වල හැමෝම කියන්නෙ ඔන්බක්ස් ස්කෑම් එකක් කියලා. ඔය කොහොම උනත් ඔන්න මටනම් ඔන්බක්ස් සල්ලි ගෙව්වා. මම ඔන්බක්ස් වලින් සල්ලි ගත්ත පළවෙනිපාර තමයි මේ. මම් ඔයාලට බොරු කියනවා කියලා හිතනවනම් මේක බලන්න.
ඩිලන්තයත් එහෙනම් PTC සයිට් එකකින් සල්ලි ගත්ත අහ්.....
ඔන්න එහෙනම් සල්ලි හොයන්න කැමති කට්ටිය මේ සයිට් වල රෙජිස්ට වෙන්න.
(රෙජිස්ට වීමට මෙම බැනර් උඩ ක්ලික් කරන්න)


(පේන්නෙ නැත්නම් පික් එක උඩ ක්ලික් කරන්න)
ඩිලන්තයත් එහෙනම් PTC සයිට් එකකින් සල්ලි ගත්ත අහ්.....
ඔන්න එහෙනම් සල්ලි හොයන්න කැමති කට්ටිය මේ සයිට් වල රෙජිස්ට වෙන්න.
(රෙජිස්ට වීමට මෙම බැනර් උඩ ක්ලික් කරන්න)


සංගාට නායකත්වය එපාලු
මේකනම් ඉතින් අහන්න එච්චර හොද ජිල්මාට් නිවුස් එකක්නම් නෙවෙයි. නිවුස් එක තමයි සංගා නායකත්වයෙන් ඉල්ලා අස්වීම. මමනම් හිතන්නෙ නෑ සංගා මෙච්චර ඉක්මනට නායකත්වයෙන් අස්වෙන්න ඕනි කියලා. කොහොම උනත් එයානම් කියන්නෙ අපි දැන් ඉදලම අලුත් නායකතවයක් යටතේ 2015වේ ක්‍රිකට් ලෝකකුසලානයට සූදානම් වෙන්න ඕනි කියලා. සංගා කියන්නෙ නායකත්වයෙන් එයා අයින් උනාට දිගටම රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා. එහෙනම් කොහොම හරි ඔන්න 20විස්ස ලෝක කුසලානයට අපි යන්නෙ අලුත් නායකයෙක් එක්ක. හැම දේම වෙන්නෙ හොදට කියලා හිතමුකෝ. ඔය මොන ජිල්මාට් එක උනත් අපි හැමදාම අපේ ක්‍රිකට් ටීම් එකත් එක්ක ඉන්නව.
Saturday, April 2, 2011
එන්න සුභ පතන්න
මම ඊයෙනම් හිතාගෙන හිටියේ මේ පොස්ට් එක අද මල්වෙඩිල්ලක් එහෙම දාලා පටන්ගන්න පුලුවන් වෙයි කියලා. ඒත් අවාසනාවට අපිට මේ ජිල්මාට් ක්‍රිකට් වල්ඩ් කප් එක ගන්න බැරි උනා. කමක් නෑ අපේ කොල්ලො ටික අනුශූරයෝ හරි උනානෙ. මොන ටීම් එකක්වත් ෆයිනල් අවිල්ලා පිස්සු කෙලින්නෙ නෑනෙ. අපේ කොල්ලොත් ඒගොල්ලන්ගෙ උපරිම කලා. දැන් ඉතින් බොක්කෙන් අඩලා වැඩක් නෑ. මේක නෙවෙයි ලොකේ තිබ්බ අන්න්තිම වර්ල්ඩ් කප් එක 2015වේ තව එකක් තියෙනවා කියලා හිතහදා ගන්න. (ඔය කොච්චර කිව්වත් මමත් බොක්කෙන් අඩ අඩ තමයි මේක ලියන්නෙ)
හ්ම්.....අන්තිමට කියන්න තියෙන්නෙ සංගා අපි හැමදාමත් ඔයගොල්ලන් එක්ක. ඔය මොන වර්ල්ඩ් කප් තිබ්බත් අපේ චැම්පියන්ස්ලා ඔයගොල්ලෝ.
හ්ම්.....අන්තිමට කියන්න තියෙන්නෙ සංගා අපි හැමදාමත් ඔයගොල්ලන් එක්ක. ඔය මොන වර්ල්ඩ් කප් තිබ්බත් අපේ චැම්පියන්ස්ලා ඔයගොල්ලෝ.
Friday, April 1, 2011
නොමිලේ ඩිරෙක්ට් රෙෆරල්ස්.
මට මැක්සා ජිල්මාට් එකක් සෙට් උනා. මේ ජිල්මාට් එක හරියන්නෙ PTC සයිට් වලින් සලලි හොයන කට්ටියට. ඔයගොල්ලො දන්නවනේ දැන් ජංජාලේ හැමතැනම ඩිරෙක්ට් රෙෆරල්ස්ලා දෙනවා කියල සල්ලි කඩාගන්න සයිට් තියෙනවා කියලා. මටත් මේ වගේ සයිට් එකක් සෙට් උනා. හැබැයි ඒකේ සල්ලි ඕනි නෑ. ෆ්‍රී රෙෆරල්ස්. මමත් ඉතින් හොම්බ දාලා බැලුවා. ඒකේ තිබ්බෙ හැමදාම රෙෆරල්ස්ක්ලා 30 ගානේ දෙනවා කියලා.
හි හී... මටනම් ගැමදාම 30 ගානේ රෙෆරල්ස්ලා අවේ නෑ. ඒ උනාට සතියකට පස්සෙ රෙෆරල්ස්ලා 5 දෙනෙක් මම දීපු සයිට් 6කට ආවා. ඔයගොල්ලොත් වැඩේ කරලා බලන්න. මම 100% වැඩේ හරියයි කියල කියන්නෙ නෑ. තට්‍ටු කරන්නාට දොර ඇරේ කියනවනේ. ඒක නිසා තට්‍ටු කරලා බලන්න. වැඩේ කරලා විස්තර මටත් කියන්න මතක් කරලා. තවත් ජිල්මාට් එකක් උස්සගෙන මම ආපහු ළගදිම එන්නම්.මෙන්න එහෙනම් සයිට් එක.
හි හී... මටනම් ගැමදාම 30 ගානේ රෙෆරල්ස්ලා අවේ නෑ. ඒ උනාට සතියකට පස්සෙ රෙෆරල්ස්ලා 5 දෙනෙක් මම දීපු සයිට් 6කට ආවා. ඔයගොල්ලොත් වැඩේ කරලා බලන්න. මම 100% වැඩේ හරියයි කියල කියන්නෙ නෑ. තට්‍ටු කරන්නාට දොර ඇරේ කියනවනේ. ඒක නිසා තට්‍ටු කරලා බලන්න. වැඩේ කරලා විස්තර මටත් කියන්න මතක් කරලා. තවත් ජිල්මාට් එකක් උස්සගෙන මම ආපහු ළගදිම එන්නම්.මෙන්න එහෙනම් සයිට් එක.
Thursday, March 31, 2011
ලංකාවෙන් 3D කෙටි චිත්‍රපටයක්
ඔන්න ඔයගොල්ලන්ට කියන්න මට අලුත් ජිල්මාට් එකක් සෙට් උනා. මේ ජිල්මාට් එක කරලා තියෙන්නෙ පුබුදු, මුදිත කියන අයියා මලෝ. මේ දෙන්නට මේක කරන්න අවුරුදු එක හමාරක් විතර ගියාලු. මේ ත්‍රී.ඩී බයිස්කෝප් එක විනාඩි 07යි තප්පර 14ක් විකාශනය වෙනවා.
මේක ජාත්‍යන්තර තරගයකටත් ඉදිරිපත් කරලා. මේ තරගයට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල් විශාල ප්‍රමාණයකින් තරගකරුවන් 150 විතර ඉදිරිපත් වෙලා. මේ තරගයේදි මේගොල්ලන්ට හොදම හය දෙනා අතරටත් එන්න පුලුවන් වෙලා. මේ අපේ රට ලබපු මැක්සා ජයග්‍රහනයක්. එහෙනම් ඔන්න පුබුදු, මුදිත සහෝලා දෙන්නට දිගටම මේ වගේ ජිල්මාට් වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා අපි සුභ පතනවා.ඔන්න එහෙනම් ෆිල්ම් එක බලන්න.
මේක ජාත්‍යන්තර තරගයකටත් ඉදිරිපත් කරලා. මේ තරගයට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල් විශාල ප්‍රමාණයකින් තරගකරුවන් 150 විතර ඉදිරිපත් වෙලා. මේ තරගයේදි මේගොල්ලන්ට හොදම හය දෙනා අතරටත් එන්න පුලුවන් වෙලා. මේ අපේ රට ලබපු මැක්සා ජයග්‍රහනයක්. එහෙනම් ඔන්න පුබුදු, මුදිත සහෝලා දෙන්නට දිගටම මේ වගේ ජිල්මාට් වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා අපි සුභ පතනවා.ඔන්න එහෙනම් ෆිල්ම් එක බලන්න.
Saturday, March 26, 2011
කව්ද යකෝ ඒ උම්බෑ ගාන්නෙ?
මෙන්න මේ ජිල්මාට් එක උනේ අපේ ආදරණීය බොකයට. හැම ටර්ම් එකක්ම ඉවර උනාම අපිට බෝඩර්ස් නයිට් එකක් තියෙනවා. ඕකෙදි අපේ කොල්ලො පොඩි පිස්සුවක් දෙකක් නටලා ආතල් එකක් ගන්නවා.
ඔය ජිල්මාට් එක වෙනකොට අපි හිටියෙ නවය වසරෙ. එතකොට අපි තමයි අපේ ඩෝම් එකේ සීනියර්ස්ලා. ඉතින් අපේ උන් බරටම වැඩ . කට්ටියක් සිංදු ප්‍රැක්ටිස්, කට්ටියක් ඩ්‍රාමා ප්‍රැක්ටිස් වගේ එක එක ජිල්මාට් වැඩ. ඩෝම් එකේ ස(ර්)රුත් සද්දෙ දාන්නෙ නෑ ටර්ම් ටෙස්ට් එහෙම ඉවර හින්දා.
ඔය අතරෙ අපේ බොකයට එක පාරම දොලදුකක් හැදුනා. ඒ තමයි බෝඩර්ස් නයිට් එකේ සින්දුවක් කියන්න ඕනි කියලා. අපිත් ඉතින් කමෝන් බොකයා කියලා වැඩේ පටන් ගත්තා. දැන් බොකයා සිංදුව ප්‍රැක්ටිස් වෙන්නෙ යන්නෙ. අපේ සෙට්එකම මූ වටේ වට උනා. කට ඇරගෙන බලාගෙන ඉන්නවා ෂාරුක් ඛාන් සිංදු කියනව බලන්න ආව වගේ. බොකයත් අපේ සෙට් එක කොර වෙලා යන්න එකොන් වගේ හිටගත්තා. සිංදුව පටන් ගත්තා
අම්මා......................
අම්මටසිරි ටකරමට හෙණ ගැහුවා වගේ. දැන් ඉතින් මුට නවත්තන්න කියන්න ඈ. බැදගත්ත බෙරේ ගහන්න එපැයි.
කව්ද යකෝ ඒ උම්බෑ ගාන්නෙ?
මාර ජිල්මාට් එක බැලින්නන් අපේ ඩෝම් එකේ සර් කෑගහන්නෙ. සර්ටත් මේක අහන් ඉන්න බැරි තරම්.
බොකයට වැඩේ තේරුණා. මූ ශේප් එකේ කට වහ ගත්තා. අන්තිමෙට බොකයා උගේ ගායන හැකියාව තේරුම් අරගෙන බෝඩර්ස් නයිට් එකේ සිංදුවක් කියන ආසාව නැති කර ගත්තා.
Friday, March 25, 2011
හුටා... කෝ කලිසම
මේ ජිල්මාට් එකත් සිද්ද උනේ අපේ ටීටීයට. මතකනේ ඌ පියෑබුවා.
කියවපු නැති කට්ටිය මෙතනින් ගිහිල්ල ඉක්මනට කියවලා එන්න.
ඔන්න එහෙනම් මේකයි විච්ච ජිල්මාට් එක. අපේ ඩෝම් එක තට්‍ටු දෙකයි. උඩ තට්‍ටුවේ තමයි අපි ඉන්නෙ. අපේ හැම වැසිකිළියකම එළියට නිරාවරණය විච්ච කව්ලුවක් තියෙනවා. දවසක් ටීටීයා බොකකට ගියා. මේකා බොකට ගියාම කලිසම ගලවල ඔය කව්ලුවේ එල්ලෙන්න දානවා. ඊට පස්සෙ ෂෆාන් එකේ මුගේ වැඩේ කරගෙන එනවා. මූ එදත් ඔය වැඩේම කලා.
දැන් ඉතින් මූ මුගේ වැඩේ කරගෙන ඉවර වෙලා කලිසම ඇදගන්න යනකොට කිරිඅප්පට බල්ලො බුරපි කලිසම කව්ලුවේ නෑ. මේ මොන ජිල්මාට් එකක්ද උනේ. දැන් ඉතින් කලිසම නැතුව එළියට යන්න ඈ. මූ නිකමට වගේ කව්ලුවෙන් එළිය බැලුවා. මොකද මේ ටිකට කලිසම වාෂ්ප වෙන්න ඈ. මලහත් ඉලව්වයි මෙන්න බොලේ කලිසම බිම තියෙනවා.
දැන් මොකද කරන්නෙ. අපේ එකෙක්ට කිව්වොත් කලිසම ගෙනල්ල දීපන් කියල ඌ කලිසම ගේන එක පැත්තකින් තියල අනිත් උන්ටත් මේක කියලා දොර ගලවන්න හදනව. එහෙම උනොත් අලි මදිවට කොටි. කව්ලුව එහා පැත්තෙන් තමයි වැහිපීලි බටේ යන්නෙ. දැන් ටීටීයා තමන් හිසට තම අතමය හෙවණැල්ල කියල කලිසමත් නැතුව බටේ දිගේ පහළට බහින්න පටන් ගත්තා.
පල්ලැහැ ඩෝම් එක භාරව ඉන්නෙ මිස් කෙනෙක්. ඔය බටේ යන්නෙත් ඔය මිස්ගෙ රූම් එක ගාවින්. අපේ ටීටීයගෙ කරුමෙටවත් මිස් කලිසම නැතුව යන ටාසන් දැක්කනම් මිස්ට ජබර කලන්තෙ හැදෙනවා. කොහොමහරි අපේ ටීටීයා තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන්ගෙ පිහිටෙන් කලිසම නැතුව උඩ තට්‍ටුවේ ඉදන් පහළට වැහි පීලි බටේ දිගේ ගිහිල්ලා කලිසම ඇදගෙන උඩට අවා.
ඊළග පොස්ට් එකෙන් කියන්නම් අපේ බොකයා උම්බෑ ගාපු හැටි.
මෙන්න බොලේ ටීටීයා පියාබනවා
මේ ජිල්මාට් එක උනේ අපි නවය වසරෙදි. එතකොට අපි හිටියෙ ස්කෝලෙ බෝඩිමේ. ඔය දවස් වල අපි ෆුල් ආතල් එකේ හිටියේ. ඒ දවස් වල 5.15 ඉදන් 6.15 වෙනකම් සෙල්ලම් කරල ඉවරවෙලා මුණ එහෙම හෝදගෙන ටී එකක් එහෙම ගහල නිදාගන්න යන්න ලෑස්ති වෙන්න ඕනි.(යන්නෙ පාඩම් කරන්න ඒ උනාට අපේ උන් කරන්නෙ නිදාගන්න එක).
අපිට ඔය වැඩේට පැයක් ඕනි නෑ. විනාඩි 30 හොදටම ඇති. ඉතිරි වෙලවෙ අපේ කොල්ලො කරන්නෙ චැටක් දාන එක හරි පොඩි ජිල්මාට් සෙල්ලමක් කරන එක හරි. ඔය ජිල්මාට් එක විච්චදවසෙ අපි කලේ ජිල්මාට් සෙල්ලමක් දාපු එක. ඒක ඉතින් සෙල්ලමක්ම කියන්න බෑ අපි කලේ අපේ සෙට් එකේ අහුවෙන අහුවෙන එකාව පෙරලගෙන ගහන එක. ඒකෙ මැක්සා ආතල් එකක් තියෙනව.
අපේ සෙට් එකේ ජොල් ඇගවල් තියෙන උන්ට හිටියෙ ඌරයි ෂෙට්ටියයි. අපි කරන්නෙ මුන් දෙන්නව ඇදට දාගෙන ඔක්කමල ගහන එක. නැත්ත්නම් අපි එක එකා තනියෙම මුන්ව පෙරලන්න ගියොත් අපිට ඉතින් සදාසොත්ති. අපේ සෙට් එකේ ආතල් බුවෙක් හිටියා ටීටී කොටා කියල. මූ මැක්සා බුවා. මුට ටීටී කියන්නෙ මුට හොදට ටේබල් ටෙනිස් ගහන්න පුලුවන් ඒකයි. (ටීටීයා ඉන්ටනැෂනල් ප්ලේය කෙනෙක්)
හරි හරි තව පොඩ්ඩෙන් කතාව අමතක වෙනව. ඉතින් කිව්ව වගේ අපි කොල්ලො ඔක්කොම අපේ ෂෙට්ටියව ඇදට දාගෙන උඩ පැන පැන කෙලියා. දැන් ඉතින් මුට පාන් කියාගන්න පණ නෑ. අපේ ඊළග ටාගට් එක උනේ ඌරා. අපි ඔක්කමල දැන් ඌරව බිම දාන මිෂන් එක දෙන්න ඌරව වට කලා.ඒ වෙලාවෙ එක පාරටම අම්මෝ.... ගාලා මොකෙක්ද එකෙක් බෙරිහන් දුන්නා. බලද්දි මෙන්න බොලේ ටීටීයා පියාබනවා. හැබැයි වැඩි වෙලා උඩ හිටියේ නෑ සිමින්ති පොලව උඩ ගෙම්බා පොලවෙ ගැහුව වගේ බිම වැටුනා. අපි හිතුවෙ මූ ඉවරයි කියල. බලද්දි එච්චර අව්ලක් නෑ පොඩ්ඩක් මුගෙ අලයිමන්ට්ස් අප්සට් ගිහිල්ල අත පය හොලවන්න බෑ. අපි ඉතින් මුගෙන් ඇහුව කොහොමද බන් එක පාරම පියෑබුවේ කියලා. බලද්දි මේකයි සීන් එක.
අපි ඌරට ගහන්න යනකොට ෂෙට්ටියා ඇදේ දිගා වෙලා පණ අදිනවා. ටීටීයට ඔය දවස් වල ෂෙට්ටියත් එක්ක පොඩි ගේමක් තිබ්බ. ඉතින් මේ වගේ චාන්ස් එකක් ආය එනව ඈ. ටීටීය හිටපන් තොට දෙන්නම් ගේම කියල. ෂෙට්ටිය ඉන්න ඇදට ඉස්සරහයින් තියෙන ඇදට ගිහිල්ල දුවගෙන ඇවිත් මුගෙ ඇගට පන්න.(සැ.යු - ෂෙට්ටියගේ එක අතකටවත් ටීටීයා මදිය) ටීටීයගෙ කරුමෙක මහත මේ වෙලවෙම ෂෙට්ටියා කකුල් කෙලින් කරල. මේක ෂෙට්ටියගෙ කකුල් උඩ වැටිලා පවර් එක ඩබල් පවර් වෙලා ආපු පැත්තටම උඩින් ගියා. ඕකයි මූ රොකට් එක වගේ උඩ ගිහිල්ල තියෙන්නෙ. ඔය කොහොම හරි උනේ ටීටීයගෙ තරහ වැඩි උන එක.(එහෙම නොවුනොත් තමා පුදුමෙ.)
Thursday, March 24, 2011
රස්නෙයි බං
මේ ජිල්මාට් එක උනේ මම දහය වසරේ ඉද්දි. කොතනින්ද කතාව පටන් ගන්නෙ කියල මම මේ හිතන්නෙ. අපි කතාවෙ ප්‍රධාන චරිතයෙන්ම කතාව පටන් ගමුකො.
මිනිහා තමයි බොකයා. මුට ඇයි බොකයා කියන්නෙ කියලා පස්සෙ දවසක කියන්නම්කො. මෙතන ඒක කියන්න ගියොත් කතාව දික් ගැස්සෙනවා. අනිත් චරිතෙ තමයි අපේ දහය වසරෙ විද්‍යාව මිස්. මිස්ගෙ නම ඕනි නෑනෙ. මිස් අපේ ඉස්කෝලේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම ඇවුරුදු ගානක් තිස්සෙ ඉස්කෝලෙ සේවය කරනව. මිස්ට පොඩ්ඩ ඇත්නම් තරහ යනව. ඒ වගේම ළමයෙක් කුණුහයපයක් එහෙම කියනව ඇහුනොත් ඌ ඉවරයි. මිස් අඩුම තරමෙ මිස්ට ඇහෙන්න ඌ, මූ, මචං කියනවටවත් කැමති නෑ. හැබැයි කතාවට අල්ල ගත්තහම එළකිරි. ඉන්න දැන් කතාවෙ මෙයින් කැරැක්ටර් දෙක ගැන ඔයාලට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්න. එහෙනම් දැන් කතාවට බහිමු.
අදා ටිකක් නෙවේ ගොඩක් රස්නෙ දවසක්. ඔක්කටම වඩා අපේ දහය වසරේ පන්තියේ වහල ටකරන්. හිතාගන්න පුලුවන්නෙ කොහොම රත් වෙනවද කියල. අපේ කොල්ලො ටික පායන දවසට ඉස්කෝලෙ ඇරිල ගෙදර යන්නෙ තැම්බිච්ච කුකුළො වගේ. ඔය මම කියන්න යන ජිල්මාට් එක විච්ච දවසෙ අපිට විද්‍යාව පීරියඩ් එක තිබ්බෙ අට වෙනි පීරියඩ් එකට. ඒ කියන්නෙ අන්තිම පීරියඩ් එක විදිහට. බොකයා ඉන්නෙ මගේ එහා පැත්තෙ. බොකයා මට කිව්ව රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදගෙන එමු කියල. මම කිව්ව බෑ වෙන කෙනෙක් එක්ක පලයන් කියල. මිනිහා ඊට පස්සෙ අපේ ෂානගෙන් ඇහුව. (ෂානයා තමයි අපේ ක්‍රිකටර් ඌ ගැන ඉස්සරහට ඔයගොල්ලන්ට කියන්නම්.) ෂානයා වැඩේට කැමති උනා. මූ ෂානයගෙනුත් ඇහුවෙ අර ටිකම තමා "රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදගෙන එමු කියල" දැන් බොකයට යන්න එකෙකුත් සෙට් උනා. දැන් තියෙන්නෙ එළියට යන්න අපේ සයන්ස් මිස්ගෙන් පර්මිෂන් ගන්න. මේ යකා මිස් ගාවට ගිහිල්ලත් කරුමෙට අර ටිකම කිව්ව "රස්නෙයි බං පොඩ්ඩක් එළියට ගිහිල්ල මූණ හෝදන් එනන්නද?"
මිනිහට ඔය උදාන වාක්‍ය කියල තප්පරයක් ඉන්න හම්බ උනේ නෑ මූණ ගුරු මේසෙ පතිත උනා. ඩොග් ඩොග් ගාලා දෙකක් වැදුනා පොල් කඩනව වගේ.(මට අමතක උනා කියන්න මිස් ගොඩක් මහතයි) මිනිහ ගුටි කාල කෙලින් උනායින් පස්සෙ අපිට හොදට තේරුණ මිස්ගෙ ස්පර්ෂය කොච්චර සනීපද කියල.
අදට ඔය ඇති. තව අපේ සෙට් එකේ ජිල්මාට් වැඩ ගොඩක් තියෙනව. අපේ බෝඩිං ජීවිතේ ඉතින් ෆුල් ජිල්මාට්ම තමයි. ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්නම්.
Wednesday, March 23, 2011
කාන්තාව නම් මූලද්‍රව්‍ය හදුනාගන්න
බීපන්, බීල කාපන්
ඔන්න බුදු ෆිට් යාලුවෝ පස්දෙනෙක් හිටියලු. මේ යාලුවෝ ඔක්කම ඉන්නෙ එක බෝඩිමක. ඉතින් ඔය යාලුවෝ පස් දෙනා දවසක් සෙට් වෙලා සල්ලි දාල ෆ්‍රැන්ක්ලින් බෝතලයක් ගත්තලු. දැන් ඉතින් කට්ටිය රැ 9.00 විතර වට වෙලා බෝතලේ ගහන්න ගත්තලු. විනාඩි පහයි ගියේ. බෝතලේ ඉවරයි. දැන් ඉතින් කට්ටියට පොඩ්ඩක් විතර ඔලුව කැරකෙනව. ඔය යාලුවෝ පස් දෙනාගෙන් එකෙක් කිව්ව මචං වැදිල මදි නේද කියල. අනිත් උනුත් ඉතින් "මටනම් මචං හොදටම වඩියි" කියන්න බෑනෙ චාටර්නෙ ඒක නිසා අඩේ ඔව් බං ගැහුවද කියල ගානක්වත් නෑ කිව්ව්වලු. තව එකෙක් කිව්වලු එහෙනම් මචං අපි තව බොතලයක් ගේමු කියල. ඔන්න ඉතිං දැන් තව බෝතලයක් ගේන්න යන්න සෙට් උනා.
සෙට් එක ටවුන් එකට යනකොට රැ 10.00 විතර වෙලා. ඒ වෙලාවට ඉතිං කොහෙන් කියල බෝතල් ගන්නද? බෝතල් මවන්න තමයි වෙන්නෙ. කොහොමහරි ඉතින් සෙට් එක වහපු බාර් එකකට තට්‍ටු කරල කරල බලෙන් ඇරෙගෙන තව රම් බෝතලයක් ගත්තලු. කට්ටියම මෙක දැන් ටවුන් එකේ ඉදගෙන හිටු කියල ගහනව. ගහල ඉවරවෙනකොට කට්ටියට නට්පුක් වෙන්න වැදිල. හිටගන්න වත් පණ නෑ. පණ නෑ කියල බෝඩිමට නොයා ඉන්න ඈ. දෙන් කට්ටියම බඩ ගගා බෝඩිමට යනව. කට්ටියට වදුනයින් පස්සෙ මැක්සා ආතල්. හැම වෙලෙම කෑගහන උන් බබා වගේ. බබා වගේ ඉන්න උන් පාරෙ මැද බෙරිහන් දෙනව.
හරි හරි දැන් කොහොම හරි බෝඩිමට යන්න තියෙන්නෙ ත්‍රී වීල් පාක් එක මැදින්. වෙලාව රැ 11.00ට විතර අති පස් දෙනා බඩ ගගා යනකොට. හොදම හරිය දැන් කට්ටිය ත්‍රීවීල් පාක් එක මැදින් යනකොට පොඩ්ඩක් ෆෝම් වෙලා හූ කියන්න පටන් ගත්ත. ඔතන තමයි හෙනහුරා ගැහුවෙ. එතනම ත්‍රීවෙල් පාක් එකේ සෙට් එකත් ස්ටෙලා වෙලා. මුං කෑ ගහලා අහුව "කවුද යකො කෑ ගහන්නෙ කියල". දන්නෙ නැද්ද ෂොට් එක ගහපුවම කට්ටිය කාඩ්බෝඩ් වීරයෝ වෙනවනේ. යලුවොන්ගෙන් එකෙකුත් පඩිය වගේ " ඇයි යකෝ අපි කෑ ගහන්නෙ" කිව්ව. ඔන්න ඉතින් දැන් අරුන්ට තද වෙලා මුංට ගහන්න එනව. මුං පස්දෙනාට දුවන්න පණ නෑ. පහෙන් හතරක් කොහොමහරි කකුල් දෙකට ෆුල් ඩැම දීල පණ එපා කියල වැටි වැටි දිව්ව. කෑ ගහපු එකාට එහෙමවත් පණ නෑ ඌ දුවන්න ගිහිල්ල එතනම බිම.
වැටිච්ච එකාට බබා අතේ. දැන් මුට සීස(ර්) සැත්කම කරන්න එකෙම් මූව බිම දිගේ ඇදගෙන යනව. අරුත් ඉතින් මුට වැද වැද අඩනව ගහන්න එපා කියල. ඒව කොහෙද කියල අරූ මුට දැන් දෙක තුනක් දුන්න. වෙලාවට අර දුවපු උන්ගෙන් දෙන්නෙක් දුවගෙන ආව. මුං කිව්ව "අනේ අනේ සොරි මුට ගහන්න එපා කියල" දන්නෙ නැද්ද ඉතින් අරුන් සද්දෙ පෙන්නන්න අර අපුදෙන්නටත් නොමිලෙම කනට එක එක දුන්න. දෙන් ඉතින් කට්ටියම බුදු අයියේ අපිට සමා වෙන්න කියල ලේ පෙරාගෙන බෝඩිමට යනව.
ඔන්න ඉතින් අනිත් පහුවෙනිද කට්ටිය අහැරුනා. ඉස්සෙල්ලාම සද්දෙ දාපු එකා ඇහැරුනා උදේ 5.00ට විතර. උට ඊයෙ මොනාද උනේ කියලවත් මතක නෑ. ඇග නිකන් තලලදාල වගේ. මුගෙ රූම් එකේ නිදන අනිත් එකා ඇදේ නෑ. ඌ කොහෙද බලන්න මූ අනිත් රූම් එකට හියා මුන් ඒකෙ ඉන්නව. මූ අනිත් සෙට් එකත් අහැරෙව්වා. එකෙක් කිව්ව අරූට "මචං ඔලුව සෝද ගනින් ඔලුවේ කබරයා කියල". මූ ඔලුව අල්ලල බැලුව. අම්මටසිරි ඔව් තමයි මුලු ඔලුවෙම කබරය. ඇදත් ඉවරයි. දැන් ඉතින් ඔක්කම නාල කරල ඉවර වෙලා කට්ටියගෙ ඩැමේජ් එක බලන්න සෙට් උනා. අම්මටසිරි බිම ඇදන් ගියපු එකගෙ පිට ඉවරයි. උට පිටක් පන්චි ගහවත්තෙන් අලුතෙන්ම ගේන්න වෙනව. කනට ගහපු දෙන්නගෙන් එකෙක්ගෙ පණ වගෙ බලාගත්ත කුරුලෑව කැඩිල එතන ඇගිලි පහක් තියෙනව. අනිත් එකා කියනව මචං මට කට ඇරගන්න බෑලු. දැන් මේ වීර ක්‍රියාව ගැන කට්ටිය කතා වෙවී ඉද්දි එකෙක් නිකං හෙන ගහුව වගෙ කිව්ව මචං "අද පේරන්ට්ස් මීටින් නේද" කියල. මුංගෙ නිකන් හුස්ම හිරවුනා වගේ.
දැන් අත රිදෙනව ටයිප් කරල ඉතිරිය ලගදිම කියන්නම්.
Tuesday, March 22, 2011
Subscribe to:
Posts (Atom)























